Home Hit ජනපතිවරණ ජය වෙනුවෙන් මන්ත්‍රී ධුර ඔට්ටු ඇල්ලූ දෙදෙනෙක් (VIDEO)

ජනපතිවරණ ජය වෙනුවෙන් මන්ත්‍රී ධුර ඔට්ටු ඇල්ලූ දෙදෙනෙක් (VIDEO)

302

අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ සහ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකු පසුගිය ජනාධිපතිවරයේ ජයග්‍රාහකයා සම්බන්ධයෙන් සිය මන්ත්‍රී ධුරය අභියෝගයට ලක්කර තිබුණා.

එහිදී ඔවුන් එකඟතාවකට පැමිණ තිබුණේ තම පක්ෂයට සම්බන්ධ අපේක්ෂකයා ජය නොගතහොත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවටයි.

මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කිංස්ලි වීරසිංහ මහතා අභියෝගය ජයගත්තා.

ඒ අනුව පරාජය භාරගනිමින් මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමටයි එජාප මන්ත්‍රී පී.ඩී. ලක්සරු මහතා සූදානම් වී ඇත්තේ.

එය වළක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයා සඳහන් කළේ මන්ත්‍රී ධුරයෙන් ඉවත් නොවී, ඉදිරියේදීද ජනතාවට සේවය කිරීමට කටයුතු කරන ලෙසයි. ගමේ ජනතාවට සේවය කිරීම සඳහා ලබාගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ධුරයේ රැඳී සිටිමින් වඩා හොඳ කාර්යයක් ජනතාව වෙනුවෙන් ඉටුකරන ලෙසද කිංස්ලි වීරසිංහ මහතා තම ප්‍රතිවාදියාගෙන් ඉල්ලා සිටියා.

කෙසේ වෙතත් එකිනෙකා කුලල්කාගන්නා වෛරී දේශපාලනයෙන් මිදී මිත්‍රත්වයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ ආකාරයට සහයෝගයෙන් කටයුතු කිරීමට සියලුම දෙනාට ආදර්ශයක් බව එජාප මන්ත්‍රී පී.ඩී. ලක්සරු මහතා සඳහන් කළා.

එම සිදුවීම මාධ්‍ය වාර්තා කර තිබූ වීඩියෝව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here