Home Hit එජාප නායකත්වය භාරගන්න; මන්ත්‍රීවරු සජිත්ගෙන් ඉල්ලති

එජාප නායකත්වය භාරගන්න; මන්ත්‍රීවරු සජිත්ගෙන් ඉල්ලති

888

සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට හිතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ දහවල් කොළඹ ගාලුමුවදොර හෝටලයේදි පවත්වා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය වෙනස් වියයුතු බවත්, එහි නායකත්වය භාරගන්නා ලෙසත් මන්ත්‍රීවරුන් එහිදී ප්‍රේමදාස මහතාගෙන් විශේෂ ඉල්ලීමක්ද කර තිබෙනවා.

ඉදිරි කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ පක්ෂ නායකත්වය සමඟ සාකච්ඡා කරන බවද මන්ත්‍රීවරුන් පවසා ඇතැයි සඳහන්.

එහිදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා,

“ඊළඟ මහ මැතිවරණය 2020 පෙබරවාරි 17න් පස්සේ ජනාධිපතිවරයාට කැඳවන්න පුළුවන්. ඊට පෙර මහ මැතිවරණයක් කැඳවන්න පාර්ලිමේන්තුවේ 2/3ක් අවශ්‍යයි. අපි තීන්දු කරලා තිබෙනවා 2/3 දෙන්නේ නෑ කියලා. අපේ මන්ත්‍රීවරු බහුතරයක් කිව්වේ 2/3ක් දෙන්න බැහැ, අවසානය දක්වා යා යුතු බවයි. ඒ නිසා ජනාධිපතිවරයා තීන්දු කරාවි මොකද කරන්නේ කියලා” යනුවෙන් ප්‍රකාශ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here