Home Hit විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට

233

ජනපතිවරණයෙන් ලද ප්‍රතිඵල අනුව ආණ්ඩුව ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් හෙට (20 වැනිදා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18 දා) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබෙනවා.

එම රැස්වීමේදී ඇතැම් මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවාහැරිය යුතු බවයි. තවත් පිරිසකගේ මතය වී ඇත්තේ පාර්ලිමේන්තු කාලය අවසන් වන තුරු ආණ්ඩුව පවත්වාගෙන යා යුතු බවයි.

මෙහිදී එකඟතාවකට එළැඹීමට නොහැකි වූ නිසා මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම හෙට දිනයේ කැඳවා ඇති අතර, එහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිත බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here