Home Hit පාප් වහන්සේ ජපානයේ සංචාරයක

පාප් වහන්සේ ජපානයේ සංචාරයක

313

ලොව පුරා න්‍යෂ්ටික අවි තහනමක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ජපානයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

එහිදී පාප් වහන්සේ් න්‍යෂ්ටික ප්‍රහාරවලට ලක් වූ එකම භූමිය වන ජපානයේ නාගසාකි සහ හිරෝෂීමා නගරවල සංචාරය කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

හෙට දිනයේදී පාප් වහන්සේගේ තායිලන්ත, ජපාන සංචාරය ආරම්භවන අතර උන්වහන්සේ ලබන 23 වනදා ජපානයට පැමිනීමට නියමිතයි.

1981 වසරේදී ශුද්ධෝත්තම දෙවන ජුවාම් පාවුලු පාප් වහන්සේගේ ජපාන සංචාරයෙන් පසු ශුද්ධෝත්තම පියතුමකු ජපානයේ සංචාරය කරන ප්‍රථම අවස්ථාව මෙයයි.

2014 වසරේදී වතිකානුවේ සංචාරයක නිරත වූ ජපාන අග්‍රාමාත්‍ය සින්සෝ අබේගේ ආරාධනාවක් මත මෙම සංචාරය සිදුකෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here