Home Hit ප්‍රදේශ කිහිපයක රිය අනතුරු – පුද්ගලයින් 5ක් මියයයි.

ප්‍රදේශ කිහිපයක රිය අනතුරු – පුද්ගලයින් 5ක් මියයයි.

240

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුවූ අනතුරු හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් හත් දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්ථාවනවා.

කැකිරාව රිටිගල ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් වේගය පාලනය කරගත නොහැකිව යතුරුපැදියක ගැටී මාර්ගයෙන් ඉවතට පෙරලී ගොස් තිබෙනවා.

මෙම අනතුරින් යතුරු පැදිකරු මියගොස් ඇති අතර පසුපැදිකරු සහ කැබ් රථයේ ගමන්ගත් පුද්ගලයින් සිවු දෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මහඔය අරලගංවිල ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයේ ගමන් කළ අලියකුගේ ගැටී සිදුවූ අනතුරකින් 8 හැවිරිදි ගැහැනු දරුවකු මියගොස‍් ඇතැයි වාර්ථා වුණා.

මේ අතර කුරුණෑගල කරඳගොල්ල ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ගනේමුල්ල කිරිඳිවිට ප්‍රදේශයේදී යතුරුපැදියක් පදිකයකුගේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් පදික පුද්ගලයා මියගොස් ඇති අතර අනතුර සිදුකළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

ගණේමුල්ල කඳාන මාර්ගයේ කඳාන නගරය ආසන්නයේදී ත්‍රීරෝද රථයක් පදික කාන්තාවක හා ගැටීමෙන් සිදුවූ අනතුරින් එම කාන්තාව මියගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here