Home Hit 6 වැනි ආසියා පැසිෆික් සම්මන්ත්‍රණය කොළඹදී

6 වැනි ආසියා පැසිෆික් සම්මන්ත්‍රණය කොළඹදී

274

6 වැනි ආසියා පැසිෆික් සම්මන්ත්‍රණය කොළඹදී අද (18) ආරම්භ වුණා.

සාගරය ආශ්‍රිත නාවික කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම සම්මන්ත්‍රණයේ අරමුණ බවයි නිවේදනයක් නිකුත් කරමින් නාවික හමුදාව සඳහන් ක‍ළේ.

ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය හා ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව සංවිධාන කරන මෙම සම්මන්ත්‍රණය ලබන 21 දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා ඉන්දියාව, චීනය, ජපානය, මාලදිවයින, පිලිපීනය, කොරියාව, සිංගපපූරුව සහ තායිලන්තය ඇතුළු රටවල් රැසක නියෝජිතයින් සහභාගී වනවා.

“නාවික යුධ කටයුතුවලට අදාල නීතිය” මෙවර එහි තේමාව වනවා.

වර්තමානයේදී සාගරික ත්‍රස්තවාදයට එරෙහි මෙහෙයුම්, මත්ද්‍රව්‍ය නිවාරණ ක්‍රියාකාරකම්, මුහුදු කොල්ලකෑම් මැඩපැවැත්වීම, මිනිස් ජාවාරම පිටුදැකිම, නීති විරෝධී ධීවර කටයුතු වැලැක්වීම සහ සාගර දුෂණය පිටුදැකීම පිළිබඳ මෙහිදී අවධාණය යොමුවනු ඇති.

එමෙන්ම දේශසීමා ආරක්ෂාව වැනි විවිධාකාර සාගරික මෙහෙයුම්වල නිරතවන රටවල නාවික නිලධාරින්ට තමන් මුහුණ දෙන ගැටළු සාකච්ජා කිරීමටත්, නාවික සංග්‍රාමික කටයුතුවලට අදාල ජාත්‍යන්තර නීතිය බලාත්මක කීරීමේ ගැටළු සහ අභියෝග සාකච්ඡා කිරීමටත් මෙහිදී අවස්ථාව හිමි වන බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here