Home World ප්‍රංශයේ පාලමක් කඩා වැටෙයි

ප්‍රංශයේ පාලමක් කඩා වැටෙයි

373

ප්‍රංශයේ දකුණුදිග ප්‍රදේශයේදී පාලමක් කඩාවැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබේ.

සිදුවීමෙන් තවත් පුද්ගලයන් කිහිපදෙනෙකුට තුවාල සිදුව ඇති බව සඳහන්.

දකුණුදිග ප්‍රංශයේ ටුලූස් නගරයේ ගංගාවකට ඉහළින් ඉදිකර තිබූ එල්ලෙන පාලමක් මෙලෙස කඩාවැටී ඇත.

එම අවස්ථාවේ පාලම මතින් වාහන කිහිපයක් ධාවනය වෙමින් තිබී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

අනතුර සිදුවූ වහාම හදිසි සේවකයන් 60කට වැඩි පිරිසක් එම ස්ථානයට පැමිණ තිබුණි.

අනතුරින් මියගොස් තිබෙන්නේ පහළොස්හැවිරිදි දැරියක් සහ ලොරි රථ රියදුරෙක්.

කෙසේ නමුත් මියගිය දැරියගේ මවගේ දිවි බේරාගැනීමට සහන සේවකයන් සමත්ව තිබේ.

ගංගාවට ඇදවැටී සිටි තවත් පුද්ගලයන් සිව්දෙනෙකුද මුදාගැනීමට හැකිව ඇති බව සඳහන්.

ඔවුන් සියළු දෙනාම ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇත.

මීටර් 155ක් දිගැති හා මීටර් 7ක් පළල මෙම පාලම 2003 වර්ෂයේදී ප්‍රතිසංස්කරණය කර තිබේ.

කෙසේ නමුත් එය කඩාවැටීමට හේතුව තවමත් අනාවරණවී නොමැති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here