Home Hit පිට මිල ඉහළ දැමීමට අවසර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි

පිට මිල ඉහළ දැමීමට අවසර නැහැ – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කියයි

291

තිරිඟු පිට මිල ඉහළ දැමීමට කිසිඳු සමාගමකට හෝ ව්‍යාපාරිකයකුට අවසර ලබා දී නැතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම අධිකාරිය පෙන්වා දෙන්නේ සිය ලිඛිත අවසරයකින් තොරව පාන් පිටි මිල ඉහල දැමීම නීති විරෝධී බවයි.

අත්‍යාවශ ද්‍රව්‍යයක් වන තිරඟු පිටි කිලෝග්‍රෑමයක් සඳහා රජය පනවා ඇති පාලන මිල වන්නේ රුපියල් 87කි.

එබැවින් වැඩි මිලට පිටි අලෙවි කරන්නන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බවයි එම අධිකාරිය පවසන්නේ.

කෙසේ වෙතත් ප්‍රීමා සමාගම සහ සෙරන්ඩිබ් සමාගම පසුගියදා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ දැමූ අතර, ඊට සමගාමීව පාන් සහ බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහල දැමීමට කටයුතු කරන බව බේකරි හිමියන්ගේ සංගමය ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here