Home Hit නව ජනපතිට කථානායකගේ සුභ පැතුම්

නව ජනපතිට කථානායකගේ සුභ පැතුම්

289

7වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට කථානායක කරූ ජයසූරිය මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමිනුයි ඒ මහතා මෙම සුබ පැතුම් එක්කර ඇත්තේ.

ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට සේවය කිරීමට කැපවී සිටීම අගය කරන බවත්, සාධාරණ මැතිවරණයක් වෙනුවෙන් ක්‍රියා කළ දේශපාලන නායකයන්ට, පොලීසියට සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන්ට ස්තූතිවන්ත වන බවත් කරූ ජයසූරිය මහතා සිය සුබපැතුම් පණිවුඩයේ දක්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here