Home Hit මහින්දට සුබ උපන්දිනයක්!

මහින්දට සුබ උපන්දිනයක්!

272

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ 74 වැනි ජන්ම දිනය අදට යෙදී තිබෙනවා.

1945 වසරේ නොවැම්බර් 18 වැනිදා උපත ලැබූ මහින්ද රාජපක්‍ෂ මහතා, ගාල්ල රිච්මන්ඩ්, කොළඹ තර්ස්ටන් මෙන්ව කොළඹ නාලන්ද යන විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබුවා.

අනතුරුව ඔහු කොළඹ නීති විද්‍යාලයෙන් නිතිය හදාරා නීතීඥවරයෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ රාජපක්ෂ මහතා, දේශපාලනයට අවතීර්ණ වී පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ එවකට ළාබාලම මන්ත්‍රිවරයා ලෙසයි.

නියෝජ්‍ය අමාත්‍ය ධුර, අමාත්‍ය ධුර කිහිපයක් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරය හා
දෙවරක් විධායක ජනාධිපති ධුරයද දරූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් අපගේ සුභාශිංසන මෙසේ පිරිනමමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here