Home Hit පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු හා ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට

පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු හා ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට

258

පහරදී පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පන්නල පොලීසියේ කොස්තාපල්වරයකු හා ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

ගිරිඋල්ල කටුගම්පල ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ මෙම පහරදීම සිදුව තිබුණා.

අදාල පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ පුත්‍රයා ලොරි රථයකින් ගමන් ගන්නා අතර එය මාර්ගයේ නතර කර රියදුරු අසුන අසල දොර විවෘත්ත කර තිබෙනවා.

එම අවස්ථාවේදී පසු පසින් පැමිණි යතුරුපැදියක් එම දොරෙහි ගැටි පෙරළී ගොස් ඇති අතර එහිදී යතුරුපැදිකරු සහ ලොරි රථ රියදුරු අතර ගැටුමක් හටගෙන ඇතිබවයි වාර්ථාවන්නේ.

ලොරි රථ රියදුරු ලෙස සිටි පොලිස් කොස්තාපල්වරයාගේ සහ රියසහයක පුත්‍රයාගේ පහරකෑමට ලක්වූ යතුරුපැදිකරු රෝහල්ගත කිරීමේදී මියගෙස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කටුගම්පල ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙක්.

අත්අඩංගුවට පත් පොලිස් කොස්තාපල්වරයා සහ ඔහුගේ පුත්‍රයා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here