Home Hit හොංකොං තාක්ෂණ විශ්වවිද්‍යාල‍යේ‍ රැඳී සිටි විරෝධතාකරුවන් 100ක් අත්අඩංගුවට

හොංකොං තාක්ෂණ විශ්වවිද්‍යාල‍යේ‍ රැඳී සිටි විරෝධතාකරුවන් 100ක් අත්අඩංගුවට

258

හොංකොං හී පොලි – යු තාක්ෂණ විශ්වවිද්‍යාලය තුළ දින ගණනාවක් රැඳී සිටි විරෝධතාකරුවන් ඉන් පළා යෑමට තැත්කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතාකරුවන් විශ්වවිද්‍යාලයේ දේපලවලට හානි සිදුකර ඇති අතර රසායනාගාරය බිඳ අනතුරුදායක රසායනික ද්‍රව්‍යද පැහැරගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගැනීමට යාමේදී විරෝධතාකරුවන් පොලීසිය වෙත පෙට්‍රල් බෝම්බ එල්ල කර ඇති අතර පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා.

එහිදී විරෝධතාකරුවන් 100ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති අතර, විරෝධතා ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා විරෝධතාකරුවන් 4,491දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි හොංකොං පොලීසිය සඳහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here