Home Hit ස්වාධීන කොමිෂන් සභා ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස අගමැති ඉල්ලයි

ස්වාධීන කොමිෂන් සභා ඉදිරියටත් ක්‍රියාත්මක කරන ලෙස අගමැති ඉල්ලයි

372

ඉදිරියේදීද ස්වාධීන කොමිෂන් සභා මේ අයුරින්ම පවත්වාගෙන යනු ඇතැයි තමන් අපේක්ෂ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

අද (18) නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන්නේ
ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවට දේශපාලන බලපෑම් නොකළ බැවින් ජනාධිපතිවරණය ස්වාධීනව පවත්වන්නට හැකිවූ බවයි.

එබැවින් ජනතාවට තම මතය නිදහසේ පළකිරීමට හැකියාව ලැබුණු බවයි රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ.

එසේම සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා සහයෝගය ලබාදුන් මැතිවරණ කොමිසම, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ අනෙකුත් සියලු පාර්ශ්වවලට ස්තුතිය පළ කරන බවද වික්‍රමසිංහ මහතා සිය නිවේදනය මගින් පෙන්වා දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here