Home Hit රුවන්වැලි සෑයේ නව චූඩා මාණික්‍ය අද සිට මහජන ගෞරවයට

රුවන්වැලි සෑයේ නව චූඩා මාණික්‍ය අද සිට මහජන ගෞරවයට

552

අනුරාධපුර රුවන්වැලි සෑරදුන්ට පළඳවන රන් පාදම සහිත නව චූඩාමාණික්‍ය අද (18) සිට මහජන ගෞරවය සඳහා කොළඹ බණඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රදර්ශනය කෙරෙනවා.

අද සිට දින තුනක කාලයක් නව චූඩාමාණික්‍ය ප්‍රදර්ශනය කෙරෙන බවයි ස්වර්ණමාලී මහා චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් සඳහන් කළේ.

රන් පාදම සහිත චූඩාමාණික්‍ය ලබන 21 වැනිදා බණ්ඩාරනායක සම්මණ්ත්‍රණ ශාලාවේ සිට අනුරාධපුරය දක්වා වැඩමකරවීමට නියමිතයි.

අනුරාධපුර රුවන්වැලිසෑ පුදබිමේදී ද දින තුනක කාලයක් ජනතා ගෞරවය සඳහා චූඩාමාණික්‍ය ප්‍රදර්ශනය කිරීමට නියමිත බවයි හේමරතන හිමියන් ප්‍රකාශ කළේ.

නොවැම්බර් 25 වැනි සඳුදා දිනයේදී රන් පාදම සහිත නව චූඩාමාණික්‍ය රුවන්වැලි මහ සෑ රදුන් මත පැළඳවීමට නියමිතයි.

ස්වර්ණමාලි චෛත්‍ය රාජයාණන් සහ චූඩාමාණික්‍යය විවිධ කාලගුණ වෙනස්වීම් හමුවේ දුර්වර්ණ වී තිබූ අතර, එම තත්ත්වයන් ඉතා ආරක්ෂාකාරී ලෙස ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුවයි නව චූඩාමාණික්‍යය පැලඳවීම සිදුකරනු ලබන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here