Home Hit නව ජනපති ධජය එළිදැක්වෙයි

නව ජනපති ධජය එළිදැක්වෙයි

517

ශ්‍රී ලංකාවේ 07 වැනි විධායක ජනාධිපති ලෙස අභිනවයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය එළිදක්වා තිබෙනවා.

පාරිශුද්ධත්වයේ සංකේතයක් වන සුදු නෙලුම් මල ධජය මධ්‍යයේ නිර්මාණය කොට ඇති අතර, ඉන් පාලකයාගේ පිරිසිදු පාලනය අරුත්ගන්වා ඇත.

ධජය සිවුකොණ පිහිටි බෝපත් සතර නිරූපණය කරන්නේ බෞද්ධාගම සහ ඉන් ජාතියට ලැබී ඇති ආභාශයයි.

එකිනෙක අභිමුව පිහිටුවා ඇති වී කරල් සතර සහ ඒ අතර ඇති කුරහන් මල් සතර සහිත රාමුවෙන් සශ්‍රීකත්වය සංකේතවත් වේ.

එසේම එක හා සමාන පළලකින් යුතු සුදු පැහැති තීරුව මඟින් නිරූපණය වන්නේ සියලු අතින් සලසන ආරක්ෂාවයි.

නව ජනාධිපති ධජය නිර්මාණ කර ඇත්තේ නිර්මාණ ශිල්පී ජගත් ජයසිංහ මහතායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here