Home Hit ජනපතිවරණ පරාජයට හේතු පාඨලී හෙළිකරයි

ජනපතිවරණ පරාජයට හේතු පාඨලී හෙළිකරයි

1187

ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලැබූ පරාජය පිළිබඳවත්, ඊට බලපෑ කරුණු පිළිබඳවත්, මහනගර හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අදහස් දක්වා තිබෙනවා.

ඒ, සිය නිල ෆේස්බුක් පිටුවට වීඩියෝවක් නිකුත් කරමින්.

එමඟින් රණවක මහතා පෙන්වා දෙන්නේ යහපාලන රජය කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අසමත් වූ බවයි.

2015 තම රජයට හිමිවූ ජනවරම, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා නිසි පරිදි තේරුම් නොගත් බව පෙන්වා දෙන ඒ මහතා සඳහන් කරන්නේ එවක පැවැති රජයේ දූෂණ වංචා පිළිබඳ කළ යුතුව තිබූ විමර්ශන විනිවිදභාවයකින් සිදු නොවීම ද මෙම පරාජයට බලපෑ බවයි.

අනවශ්‍ය ලෙස රාජ්‍ය සේවයේ නිලධාරීන් FCIDය වෙත රැගෙන එමින් ප්‍රශ්න කිරීම හරහා ඔවුන් යහපාලන රජය කෙරෙහි කලකිරීමට පත්වූ බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

යහපාලන රජය රාජ්‍ය සේවය ස්වාධීන කළ බවත්, ඔවුන්ගේ වැටුප දෙගුණ කර, කිසිදු දේශපාලන බලපෑමකින් තොරව කටයුතු කිරීමේ පසුබිම ලබාදී තිබුණද රාජ්‍ය සේවකයන් සිය තැපැල් ඡන්දය යහපාලන රජය වෙනුවෙන් භාවිත නොකළේ ඉහත කරුණු පිළිබඳ ඇතිව තිබූ කලකිරීම හේතුවෙන් බව පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කරනවා.

රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ගෙන ගිය එම FCID ක්‍රියාවලිය කිසිදු ඵලක් නොමැති වැඩපිළිවෙළක් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. ඒ හරහා අවසානයේ අපරාධකරුවන් නිදහස් වීම පමණක් සිදුවූ බවද රණවක මහතා කියා සිටිනවා.

ජනාධිපතිවරණයේ පරාජයට “යහපාලන ආණ්ඩුව, ආණ්ඩු නොකිරීම” ප්‍රධාන හේතුවක් වූ බව පෙන්වා දුන් රණවක මහතා සඳහන් කරන්නේ දූෂණ වංචා පිළිබඳ ක්‍රියාත්මක නොවීම, ඇතැමුන් දූෂණ වංචා කරන තැනට පත්වීම මෙන්ම පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක කළ නොහැකි කරුණු සම්බන්ධයෙන් අනවශ්‍ය බරක් යොදා කටයුතු කිරීමද එම පරාජයට හේතුවූ බවයි.

පාඨලී චම්පික රණවක මහතාගේ මෙම අදහස් පළකිරීම ඇතුළත් වීඩියෝව පහතින්.

කූඨ නාටකය ඉවරයි. එක්ව ඉදිරියට යමු.

කූඨ නාටකය ඉවරයි. එක්ව ඉදිරියට යමු.

Posted by Patali Champika Ranawaka on Sunday, November 17, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here