Home Hit විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්

විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්

283


ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය නිකුත් වීමත් සමඟ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ජනාධිපතිවරණය විශිෂ්ට ලෙස ජයගෙන ඇත. අවුරුදු පහක් මුළුල්ලේ අනේක විධ දුෂ්කරතා විඳ ලබාගත් මෙම ජයග්‍රහණය ඉතාමත්ම සාමකාමීව, අනුන්ට කිසිදු කරදරයක් නොවන ආකාරයට භුක්ති විඳින මෙන් අපගේ පාක්ෂිකයන්ගෙන් මෙන්ම සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන්ද ඉල්ලා සිටිමි” යනුවෙන් එම මාධ්‍ය නිවේදනයේ දැක්වෙනවා.

විපක්ෂ නායකවරයා නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here