Home Hit පාන් මිල රු. 5කින් ඉහළට?

පාන් මිල රු. 5කින් ඉහළට?

352

තිරිඟු පිටි මිල ඉහළ යෑම හේතුවෙන් පාන් රාත්තලක මිල රුපියල් 5කින් පමණ ඉහළ දැමීමට සිදුවනු ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

කෙසේ වෙතත් පාන් මිල වැඩි කිරීම පිළිබඳ නිශ්චිත තීරණයක් සංගමයේ විධායක සභාව රැස් වීමෙන් අනතුරුව ගන්නා බවයි එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කළේ.

ප්‍රීමා සමාගම පසුගියදා තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8.50කින් ඉහල දමන බව නිවේදනය කළද, හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ එසේ මිල වැඩිකළ නොහැකි බවයි.

කෙසේ වෙතත් මේ වන විට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 8කින් ඉහළ ගොස් තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here