Home Hit ලොව වැඩිම වායු දූෂණයට ලක්ව ඇති නගර 10ම ආසියාවේ

ලොව වැඩිම වායු දූෂණයට ලක්ව ඇති නගර 10ම ආසියාවේ

256

ලොව වැඩිම වායු දූෂණයට ලක්ව ඇති නගර 10ම ආසියාවේ පිහිටා ඇතැයි වාර්ථාවක් මගින් හෙළීවී තිබෙනවා.

පෞද්ගලික කාලගුණ විද්‍යා ආයතනයක් වන ස්කයිමේට් මෙම වාර්ථාව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලොව වැඩිම වායු දූෂණයට ලක් වූ නගරය ලෙස ඉන්දියාවේ නවදිල්ලි නගරය නම් කර ඇති අතර එහි වායු ගුණාත්මක භාවය, වායු ගුණාත්මක දර්ශකයේ සටහන් වන්නේ 527ක් ලෙසයි.

මෙය ඉතා අනතුරුදායක තත්ත්වයක් ලෙසයි එම වාර්ථාව පෙන්වා දෙන්නේ.

එම වාර්ථාවට අනුව වායු දූෂණයට ලක් වූ නගර අතර 5වන හා 9වන ස්ථාන හිමිවන්නේ ඉන්දියාවේ කොල්කටා සහ මුම්බායි නගරවලටයි.

දෙවන සහ හතරවන ස්ථානය හිමිව ඇත්තේ පාකිස්ථානයේ ලාහෝර් සහ කරච්චි යන නුවරවලටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here