Home Hit ලක්ෂ 22ක දුම්වැටි සමඟ කාන්තාවක් අත්අඩංගුවට

ලක්ෂ 22ක දුම්වැටි සමඟ කාන්තාවක් අත්අඩංගුවට

591

විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික කාන්තාවක් අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපලේදී රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අලුයම 4.15ට ඩුබායි සිට පැමිණි එයාර් ඇරබියා ගුවන් සේවයට අයත් ජී – 90507 දරන ගුවන් යානයෙන් පැමිණි සැකකාර කාන්තාව කුඹුක්වැව, නිකගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන්.

ඇය රැගෙන විත් තිබූ ගමන් මලුවල දුම්වැටි 37,520ක් අඩංගු කාටූන් 126ක් සහ පැකට් 616ක් රහසිගත ලෙස අසුරා තිබූ බවයි රේගු ආරංචි මාර්ග සඳහන් කළේ.

එම දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් 22,51,200ක් වනවා.

දුම්වැටි සියල්ල රාජසන්තක කෙරුණු අතර, සැකකාර කාන්තාවට රුපියල් 15,000ක දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරුණා.

          .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here