Home Hit ජය තහවුරු වූ පසු ගෝඨාභය හෙට දිවුරුම් දීමට සූදානම්

ජය තහවුරු වූ පසු ගෝඨාභය හෙට දිවුරුම් දීමට සූදානම්

369


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ඉදිරි ප්‍රතිඵලවලට අනුව තහවුරු වුවහොත් හෙට (18) දිනයේ ඔහු ජනාධිපති ධුරයේ දිවුරුම් දීමට සූදානම් වන බවට එම පෙරමුණේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

එම පෙරමුණ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය ජයග්‍රහණ කර ඇති බවත්, සිය අපේක්ෂකයා මෙරට මැතිවරණ සංස්කෘතියට හඳුන්වා දුන් පරමාදර්ශනයන් ආරක්ෂා වන පරිදි එම ජයග්‍රහණය සමරන ලෙසයි.

කෙසේ වෙතත් ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතුවල පළමු වටය මේ වන විට අවසන්ව ඇති බව වාර්තා වේ.

දැනට ප්‍රකාශ වී ඇති ප්‍රතිඵලවලට අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියෙන් පසුවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here