Home Hit ඇමෙරිකානු තානාපතිනියගෙන් ගෝඨාභයට සුබපැතුම්

ඇමෙරිකානු තානාපතිනියගෙන් ගෝඨාභයට සුබපැතුම්

350

ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ජනාධිපතිවරයකු තෝරා පත්කරගත් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කරන බවත්, තේරීපත්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය පවසනවා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අභිනව ජනාධිපතිවරයාට සුබපැතුම් එක්කරන ඇය සඳහන් කර ඇත්තේ යහපාලනය, ආර්ථික වර්ධනය, මානව හිමිකම් සහ සංහිඳියාව දියුණු කිරීම යන කරුණු සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ වැඩකිරීමට අපේක්ෂා කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here