Home Uncategorized විදේශීය පුරවැසියකුට රට පාවාදෙන්න ජනතාව සූදානම් නෑ – පාඨලී (VIDEO)

විදේශීය පුරවැසියකුට රට පාවාදෙන්න ජනතාව සූදානම් නෑ – පාඨලී (VIDEO)

265

ජනතාව යළි විවෘත සිර කඳවුරකට නොයන බවත්, වරිග සභා රට පාලනය කළ යුගය මෙම මැතිවරණයෙන් අවසන් වන බවත්, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකශ කරනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (16) කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේදී සිය ජන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

විදේශීය පුරවැසියෙකුට මේ රට පවාදීමට ජනතාව සූදානම් නොමැති බව කී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, රටේ ජනතාව එකා වන්ව සූජාත දේශීය පුත්‍රයා වන සජිත් ප්‍රේමදාස මහතාව ජයග්‍රහණය කරවන බවයි.

අමාත්‍යවරයා එම අදහස් පළ කළ වීඩියෝව පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here