Home Hit ජනපතිවරණයේ තම වගකීම ඉටුකොට ධුරයෙන් ඉල්ලා අස්වන බව මැ.කො. කියයි

ජනපතිවරණයේ තම වගකීම ඉටුකොට ධුරයෙන් ඉල්ලා අස්වන බව මැ.කො. කියයි

506

ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 80%ක් පමණ වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරනවා.

අද (16) සවස විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම කියා සිටියේ සුළු සිද්ධීන් කිහිපයක් හැරුණු කොට සමස්ත මැතිවරණ ක්‍රියාවලියම සාමකාමීව පවත්වන්ට හැකි වූ බවයි.

මෙවර ජනාධිපතිවරණයේදී ආගමික නායකයන් සිදුකරනු ලැබූ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි රාශියක් ලැබී ඇති බවත්, ආගම දේශපාලනයෙන් ඈත් කර තබන්නැයි තමන් සියලුම ජනාධිපති අපේක්ෂකයන්ගෙන් හෙට දිනයේදී ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවේ කියා සිටියා.

ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ විශ්‍රාමික නිලධාරීන් මෙවර මැතිවරණ කටයුතුවල යෙදී සිටි බවත්, ඒ සඳහා ඔවුන්ට අයිතිය ඇති බවත් කියා සිටි මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ, අයුතු බලපෑම් සිදුකිරීමට ඔවුන් කටයුතු කළ බවට පැමිණිලි කිසිවක් ලැබී නොතිබුන බවයි.

රජයේ මාණ්ඩලික නිලධාරීන් දේශපාලන කටයුතුවල නිරතවීම සම්බන්ධයෙන් මෙන්ම ඇතැම් මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් සැහීමකට පත්විය නොහැකි බවද මෙහිදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කර සිටියා.

මැතිවරණ කොමිෂමේ සභාපති ලෙස තමන් මාධ්‍ය හමුවේ කතාකරන අවසන් අවස්ථාව මෙය වනු ඇති බවද කියා සිටි

මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ජනාධිපතිවරණය වෙනුවෙන් තමන් සිදුකළ යුතු කාර්යයන් අවසන් කිරීමෙන් පසු, තම ඉල්ලා අස්වීම භාරදීමට කටයුතු කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here