Home Hit ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් සමග ලිඳුල නගර සභාවේ උප සභාපතිවරයා අත්අඩංගුවට

ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් සමග ලිඳුල නගර සභාවේ උප සභාපතිවරයා අත්අඩංගුවට

389

ජනාධිපති මැතිවරණයට අදාල ආදර්ශ ඡන්ද පත්‍රිකා තොගයක් සමග ලිඳුල නගර සභාවේ උප සභාපතිවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ආදර්ශ ඡන්ද පත්‍රිකාද රැගෙන අදාල උපසභාපතිවරයා ප්‍රචාරන කටයුතු වල නියැලෙන බවට පොලීසියට ලැබුණු දුරකතන ඇමතුමක් මත ඊයේ රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි තලවකැලේ පොලීසිය සඳහන් කළේ.

උපසභාපතිවරයාගේ නිවස පරික්ෂා කළ අවස්ථාවේදී ඡන්ද පත්‍රිකාවලට සමාන ව්‍යාජ ඡන්ද පත්‍රිකා 200කට අධික සංඛාවක්ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත් උපසභාපතිවරයා ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන අතර මෙවර මැතිවරණයේදී එම පක්ෂයේ සහාය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here