Home Hit මුස්ලිම් ඡන්දදායකයන් රැගත් බස් රථයකට වෙඩි ප්‍රහාරයක් (PHOTOS)

මුස්ලිම් ඡන්දදායකයන් රැගත් බස් රථයකට වෙඩි ප්‍රහාරයක් (PHOTOS)

1340

අද (16) අලුයම තන්තිරිමලේ පොලිස් වසමේ, බෝගොඩ සපත්තු පාලම අසලදී මුස්ලිම් ඡන්දදායකයන් රැගත් බස් රථ දෙකකට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට අමතරව බස් රථවලට ගල් ප්‍රහාරයක්ද එල්ලවී ඇති බව සඳහන්.

ප්‍රහාරවලින් කිසිවකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.

ප්‍රහාරයට අමතරව මාර්ගයේ ටයර් පුළුස්සා ඇති අතර ගස් කිහිපයක් මඟ හරස් වන ආකාරයට කපා දමා තිබුණා. ඒ හරහා එම පිරිස් ඡන්දය ප්‍රකාශ කිරීමට යෑම වැළැක්වීම ප්‍රහාරකයන්ගේ අරමුණ වී ඇති බව සඳහන්.

පසුව පොලිසිය පැමිණ මාර්ගයේ තිබූ ටයර් සහ ගස් ඉවත් කොට ඔවුන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට යෑම සඳහා අවස්ථාව සලසනු ලැබුවා.

මෙම මැතිවරණයේදී මුස්ලිම් ජනතාවගේ ඡන්දය තීරණාත්මක සාධකයක් වන බැවින් මේ ආකාරයට එම මුස්ලිම් ඡන්ද වැළැක්වීමට කිසියම් පිරිසක් උත්සාහ දරන බව පෙනීයයි.

ප්‍රහාරයට ලක්වූ බස් රථ දෙකෙහි රියැදුරන් සිදුකළ පැමිණිලිවලට අනුව සෙට්ටිකුලම පොලිසිය මේ වන විට විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

මෙම ප්‍රහාරය පිළිබඳ පුවත ඉන්දියාවේ හින්දු පුවත්පතද සිය ප්‍රමුඛ පුවතක් ලෙස වාර්තා කර තිබුණා.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here