Home Hit ජනපතිවරණයට පෙර ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

ජනපතිවරණයට පෙර ජනපතිගෙන් විශේෂ නිවේදනයක්

303

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හෙට (16) දිනයේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

7 වන විධායක ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් දිවයින පුරා සිටින ඡන්ද දායකයින්ට නිදහසේ සිය ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය වාතාවරණයක් මේ වන විට රට තුළ ශක්තිමත් කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය සියලු විධිවිධාන ජනාධිපතිවරයාගේ උපදෙස් මත පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ වෙත ලබාදී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ දැක්වෙන්නේ.

අනවශ්‍ය කටකතා සහ ප්‍රචාරවලට නොරැවටී තම ඡන්ද මධ්‍යස්ථානවලට ගොස් ඡන්දය භාවිතා කරන ලෙස ජනාධිපතිවරයා සියලු ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටියි.

එමෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ රටක පුරවැසියන්ගේ බලයක් මෙන්ම ප්‍රධාන වගකීම සහ යුතුකම වන්නේ තමන් කැමති අයෙකු වෙනුවෙන් ඡන්දය භාවිතා කිරීම බවයි ජනාධිපතිවරයා සිය විශේෂ නිවේදනයෙන් පෙන්වා දෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here