Home Hit ජනාධිපතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන සුදානම් කිරීම ඇරඹේ

ජනාධිපතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන සුදානම් කිරීම ඇරඹේ

288

මෙරට 7වැනි විධායක ජනාධිපතිවරයා තොරා පත් කර ගැනීම සඳහා හෙට පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය අද උදෑසන ආරම්භ කෙරේ.

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය සඳහා නාවික හමුදාවේ සහය ලබා ගැනීමට ද සැලසුම් කර ඇති බව වාර්තා වේ.

අපේක්ෂකයින් 35 දෙනෙකු තරග වදින මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීම හෙට උදෑසන 7 ට ආරම්භ වීමට නියමිත අතර ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් එක් කෝටි පනස් නව ලක්ෂ අනූ දෙදහස් අනූ හය දෙනෙකු සුදුසුකම් ලබා ඇත.

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ජනාධිපතිවරණය සඳහා ඡන්ද මධ්‍යස්ථාන 12845 ක් පිහිටුවා ඇති බවත් හෙට පැවැත්වෙන ඡන්ද විමසීම පිළිබඳ පෙරහුරුවක් සෑම ඡන්ද
මාධ්‍යස්ථානයකම අද පැවැත්වෙන බවත් සඳහන් කළේය.

මෙවර මැතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් තුන් ලක්ෂකට ආසන්න පිරිසක් සහභාගී වන බව ඒ මහතා වැඩි දුරටත් පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here