Home Hit අ.පො.ස සාමාන්‍ය පෙළ දෙසැම්බර් 02

අ.පො.ස සාමාන්‍ය පෙළ දෙසැම්බර් 02

300

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 2වනදා සිට 12 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

විභාග අපේක්ෂකයන් හත් ලක්ෂ දහහත් දහස් අට දෙනෙකු ඉදිරිපත් වීමට නියමිත මෙවර සාමාන්‍ය පෙළ විභාගය මධ්‍යස්ථාන 4987කදී පැවැත්වෙනු ඇත.

විභාගයට සුදුසුකම් ලැබූ අපේක්ෂකයන් විභාගය සඳහා ඉදිරිපත් වීමේදී ප්‍රවේශ පත්‍රය සමඟ ජාතික හැඳුනුම්පත් පෙන්වා අනන්‍යතාව සහතික කළ යුතු අතර එසේ නොමැතිනම් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජෙනරාල් විසින් අනන්‍යතාව සහතික කරන ලද ඡායාරූපයක් සහිත ලිපියද පිළිගන්නා බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here