Home Hit බොරු බුද්ධි වාර්තා සහ බොරු මිල වැඩිවීම්: රාජපක්ෂවාදී මාධ්‍ය බොරු පතුරුවයි

බොරු බුද්ධි වාර්තා සහ බොරු මිල වැඩිවීම්: රාජපක්ෂවාදී මාධ්‍ය බොරු පතුරුවයි

795

අද මධ්‍යම රාත්‍රියේ සිට තිරිඟු පිටි මිල රුපියල් 8.50 කින් ඉහළ නැංවීමට ප්‍රීමා සමාගම තීරණය කර ඇතැයි ‘දෙරණ’ නාලිකාව මීට සුලු මොහොතකට පෙර සිය එස්.එම්.එස්. පුවත් සේවය හරහා ජනතාව දැනුවත් කල අතර ඔවුන්ගේ නිල වෙබ් අඩවියේද එම පුවත දක්වා තිබේ.

දෙරණ මාධ්‍ය ආයතනය පළකල මෙම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව වාර්තා වනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරන මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කැබිනට් අනුමත ජීවන වියදම් කමිටුවේ සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසරයකින් තොරව තිරිඟු පිටි මිල ඉහළ නැංවිය නොහැකි බව ප්‍රකාශ කර තිබේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට බේකරි නිශ්පාදනවල මිල ඉහළ යන බවට දෙරණ මාධ්‍ය ජාලයට අයත් ‘අරුණ’ පුවත්පතේ නිල වෙබ් අඩවියේ දක්වා ඇති අතර එයද ව්‍යාජ පුවතකි.

නාගරික ප්‍රදේශවල සහ වතු කම්කරු ජනතාව අතර පාන් ඇතුලු බේකරි නිෂ්පාදන ඉතා ජනප්‍රිය බැවින්, වර්තමාන රජය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අපහසුතාවට පත්කිරීම මෙම ව්‍යාජ පුවත පළකිරීමේ අරමුණ බවයි වාර්තා වන්නේ.

මේ අතර සමාජජාල මාධ්‍ය තුල පැතිර යන ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කල බව දැක්වෙන බුද්ධි අංශ වාර්තාවක් බව පැවසූ ව්‍යාජ ලිපියක් පිළිබඳව පොලීසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

රාජපක්ෂ හිතවාදී මාධ්‍ය සහ සමාජජාල ක්‍රියාකාරීන් විසින් එක්වරම කලබලයට පත්ව ව්‍යාජ පුවත් පැතිරවීම පිළිබඳව ජනතාවගේ විශේෂ අවධානය යොමුවී තිබේ.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here