Home Hit යතුරුපැදි සොරකම් කළ 08ක් ලබන 19 දක්වා රිමාන්ඩ්

යතුරුපැදි සොරකම් කළ 08ක් ලබන 19 දක්වා රිමාන්ඩ්

292

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලින් ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සොරකම් කිරීම, ව්‍යාජ ලෙස සකස් කර අලෙවි කිරීම යන චෝදනාවන්ට වරදකරුවන් වූ පුද්ගලයින් 08 දෙනෙකුෙ රක්ෂිත බන්ධනගාර ගතකර තිබෙනවා.

සැකකරුවන් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 19 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ලැබී තිබූ පැමිණීලි මත සිදුකළ විමර්ශනයකදී අනන්‍යතාව තහවුරු නොකල ත්‍රීරෝද රථයක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අදාල සියළු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බවයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය පැවසුවේ.

අදාල සැකකරුවන් ගනේමුල්ල, වත්තල, මට්ටක්කුලිය සහ කෝට්ටේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here