Home Hit ගෝඨාභයට එරෙහිව ලසන්තගේ දුවගෙන් අභියාචනයක්

ගෝඨාභයට එරෙහිව ලසන්තගේ දුවගෙන් අභියාචනයක්

412

ඝාතනයට ලක්වූ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග, පසුගිය බදාදා (13) ඇමෙරිකාවේ දිස්ත්‍රික් උසාවියට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඇමෙරිකාවේ අධිකරණයක ඇය ගොනුකර තිබූ නඩුව එම අධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීමෙන් අනතුරුවයි.

ඇය එම නඩුව ගොනු කර තිබුණේ, සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ගෝඨාභය රාජපක්ෂ වගකිවයුතු බවට චෝදනා කරමිනි.

ඒ අනුව, ඇමෙරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය එම නඩුවට අදාළව දුන් තීන්දුවේ දැක්වුණේ, නඩුව නිෂ්ප්‍රභ කරන අතර එය තවදුරටත් ඉදිරියට ගෙන යාම ප්‍රතික්ෂේප කරන බවය.

ඒ අනුවයි අහිම්සා වික්‍රමතුංග මෙම අභියාචනය ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here