Home Health ඖෂධ වර්ග 55ක මිල අඩු කෙරේ

ඖෂධ වර්ග 55ක මිල අඩු කෙරේ

659

විවිධ රෝග සදහා භාවිත කෙරෙන අත්‍යවශ්‍ය ඖෂධ 55ක මිල අඩු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය අද පෙරවරුවේ නිකුත් කෙරුණා.

මෙම ඖෂධ නාමයන්වල මිල අඩුකිරීමත් සමග මෙරට වෙළෙදපොලෙහි පවතින ඖෂධ වෙළෙද නාමයන් දහසකට අධික සංඛ්‍යාවක මිල අඩුවීමට නියමිත අතර, දැනට අත්‍යවශ්‍ය තත්ත්වයේ පවතින වෛද්‍ය උපකරණ 7කද මිල අඩු කර ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ 2015 අංක 5 දරණ විධිවිධානයන්ට අනුව සෞඛ්‍ය අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි මෙම මිල අඩු කිරීම් සිදු කර ඇත්තේ.

ඒ අනුව අදාළ ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ සියල්ලෙහි උපරිම සිල්ලර මිල සංශෝධිත නව මිල දර්ශනයට අනුකූල විය යුතු අතර කිසිදු අයුරකින් මෙම නව මිල ගණන්වල ඉහල දැමීමක් සිදු නොකළ යුතුය.

ආනයනයකරු හෝ නිෂ්පාදකයා අදාළ ඖෂධයේ හෝ උපකරණයෙහි මිල එහි මුද්‍රණය කිරීමද අනිවාර්යයෙන් සිදු කළ යුතුය.

ගැසට් නිවේදනය මගින් මිල අඩු කෙරුණු ඖෂධ වර්ග සහ වෛද්‍ය උපකරණ ලැයිස්තුව පහත දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here