Home Hit රෝයල් පාර්ක් ඝාතකගෙන් ලිපියක්

රෝයල් පාර්ක් ඝාතකගෙන් ලිපියක්

407

රෝයල් පාර්ක් ඝාතනයේ චූදිතව, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිට පසුගියදා ජනපති සමාව ලැබූ ජූඩ් ශ්‍රමන්ත ජයමහ ශ්‍රී ලාංකිකයන් වෙත විවෘත ලිපියක් යොමුකර තිබෙනවා.

තමන් අතින් සිදුවූ වරද පිළිබද කනගාටු වන බවත්, ඒ පිළිබඳ ලැජ්ජාවට පත්වන බවත් පවසන ඔහු එම ලිපිය මඟින් සඳහන් කරන්නේ අද වන විට තම ජීවිත යහපත් මාවතට රැගෙනවිත් ඇති බවයි.

“මගේ දෙමාපියන් දික්කසාද වූ නිසා මම කැඩුණු භාණ්ඩයක් වුණා. මම තනිවමයි හැදී වැඩුණේ. පවුලක සමීපතමයෙකු වීම කුමනාකාරයේ කරුණක්ද යන්න ගැන මම දැනගෙන සිටියේ නෑ. ඒ වන විට මගේ වයස අවුරුදු 16යි.

දැන් මට අවුරුදු 34ක්. මගේ තරුණ කාලයම මම ගතකළේ සිරගතව අඩි 6X8 කාමරයක. මට හිරු එළිය ලැබුණේ  දිනකට විනාඩි 30ක් පමණයි. ඒක මගේ ජීවිතයේ අඳුරුතම කාලයක්. මම නිදාගත්තේ බිමයි. දවසකට පැය 12ක් මාව හිරකරලා තිබුණේ.

මම දන්නවා ඔබගේ වෛරය හා තරහා මා කරෙහි බව. නමුත් අවුරුදු 19 දී හිරගත වූ කෙනා නෙමයි දැන් මම.

ඔබගේ තරහව මට දැනෙනවා. මම දැන් වෙනස් මනුස්සයෙක්. මට මීට පෙර රතන හමුදුරුවෝ මුණගැසුනේ මගේ ජීවිතයේ පහළම ස්ථානයක සිටින විටයි. ඒ වසර පහකට පමණ පෙර. උන්වහන්සේ අපිට භාවනාව  පිළිබඳව උපදෙස් දුන්නා. උන්වහන්සේ නැවතත් මට මාව විශ්වාස කරන්න ඉගැන්වූවා” යනුවෙන්ද ශ්‍රමන්ත සිය ලිපියෙහි සඳහන් කර ඇත.

මේ අතර, රාජගිරිය රෝයල් පාර්ක් ඝාතන සිද්ධියේ චූදිත නිදහස් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය හරහා මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බැවින් එම ඝාතකයා අත්අඩංගුවට ගෙන යළි බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා ‘කාන්තා මාධ්‍ය එකමුතුව’ නැමැති සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, දොන් ශ්‍රමන්ත ඇන්තනී ජයමහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනකු නම්කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here