Home Hit ප්‍රදේශ කිහිපයක රිය අනතුරු – සිිවුදෙනෙක් මියයයි

ප්‍රදේශ කිහිපයක රිය අනතුරු – සිිවුදෙනෙක් මියයයි

338

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් සිවුදෙනෙකු (04) මියගොස් කාන්තාවක් තුවාල ලබා ඇතැයි වාර්ථා වනවා.

ඉඟිණියාගල ගල්කන්ද ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරින් 21 හැවිරිදි තරුණයෙක් මියගොස් ඇති අතර ලොරි රථයේ රියදුරු ඉඟිණියාගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්තලේ රජඇල අතුරු මාර්ගයේදී යතුරුපැදියක් ඊට ඉදිරියෙන් ගමන් කල පාපැදියක ගැටීමෙන් සිදුවූ අනතුරින් 73 හැවිරිදි පාපැදිකරු මියගොස් ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකාරිය ප්‍රතිකාර සඳහා කන්තලේ රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මේ අතර මුල්ලේරියාව අඹතලේ ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් ඇති අතර අනතුර සිදුකළ ලොරි රථය පලාගොස් ඇති බවයි වාර්ථා වන්නේ.

මොරණ ඉළඔ හන්දිය ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයේ ගමන් කල පුද්ගලයකු හා ගැටීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති අතර වෑන් රථයේ රියදුරු හොරණ පොලීසිය මගින අත්අඩංගුවට ගෙන තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here