Home Hit අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් පිළිබඳ දෙසැම්බර් 02 වනදා අධිකරණයට දැනුම් දෙන්නැයි නීතිපතිවරයාට...

අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් පිළිබඳ දෙසැම්බර් 02 වනදා අධිකරණයට දැනුම් දෙන්නැයි නීතිපතිවරයාට නියෝග

356

නිරාජි රොෂාන් නොහොත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනා සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳ දෙසැම්බර් 02 වනදා අධිකරණයට දැනුම් දෙන්නැයි නීතිපතිවරයාට නියෝග කර තිබෙනවා.

මෙලෙස නියෝග කර ඇත්තේ බලපත්‍ර නොමැතිව අලි ඇතුන් 05 දෙනෙකු ලඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේ විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේයි.

නීතිපතිවරයා ගොනු කර ඇති අධිචෝදනා පත්‍රය සම්බන්ධයෙන් විත්තියේ නීතීඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිබඳ නියෝගය නිකුත් කරමින් විනිසුරු මඩුල්ල පෙන්වා දුන්නේ එකී අධිචෝදනා පත්‍රය මත නඩුව තවදුරටත් පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති බව තම විනිසුරු මඩුල්ල තීරණය කළ බවයි.

ඒ අනුව අධිචෝදනා පත්‍රය සංශෝධනය කිරීමට හෝ එක් එක් විත්තිකරුවන්ට එරෙහිව වෙන් වෙන්ව අධිචෝදනා ගොණු කිරීමට පැමිණිල්ලට අවසර හිමිවන බවයි විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here