Home Hit ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල සජීව ලෙස ගෙන එන්නට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සූදානමින්

ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල සජීව ලෙස ගෙන එන්නට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සූදානමින්

616

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ රජයේ නිල පුවත් වෙබ් අඩවිය (www.news.lk) මෙවර ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල සජීව ලෙස විකාශය කිරීමට පියවර ගෙන තිබෙනවා.

ජනාධිපතිවරණ නිල ප්‍රතිඵල මාධ්‍යයට මෙන්ම ජනතාවට නිකුත් කිරීමේ නිසි බලධරයා වන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වන අතර, එම වගකීම මූලික කරගනිමින් මෙවර ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලියට එම දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය මේ වනවිටත් කටයුතු සූදානම් කරමින් පවතිනවා.

එම කටයුතු මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (13) නිරීක්ෂණය කළා.

ජනාධිපතිවරණ නිල ප්‍රතිඵල සමාජ මාධ්‍ය ඔස්සේ සජීව විකාශයක් ලෙස ගෙන එන්නේ ප්‍රථම වරටයි.

මෙම සජීව මාධ්‍ය ආවරණය රජයේ නිල පුවත් වෙබ් අඩවිය www.news.lk සහ එහි නිල ෆේස්බුක් අඩවිය, යූ ටියුබ් චැනලය, ට්විටර් අඩවිය සහ SMS සේවාව ඔස්සේ ද සිදුකිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here