Home World චාල්ස් කුමරු 71වන ජන්ම දිනය සමරයි

චාල්ස් කුමරු 71වන ජන්ම දිනය සමරයි

355

බ්‍රිතාන්‍යයේ කිරුළ හිමි චාල්ස් කුමරුගේ 71වන ජන්ම දිනය අදට(14) යෙදී තිබේ.

බ්‍රිතාන්‍යයේ චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ් කුමරු උපත ලැබුවේ 1948 වර්ෂයේ නොවැම්බර් 14වන දින බකිංහැම් මන්දිරයේදීයි.

දෙවන එළිසබෙත් මහරැජිනගේ සහ පිලිප් කුමරුගේ දෙටු පුත්‍රයා වන ඔහු මහරැජිනගෙන් පසුව කිරුළට හිමිකම් කියන අනුපිළිවෙලේ පළමුවැනියා වෙයි.

චාල්ස් කුමරු සිය අධ්‍යාපනය ආරම්භ කළේ 1957 වර්ෂයේදී චීම් මූලික පාසැලින්.

1970 වර්ෂයේදී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ඔහු උපාධිය හිමිකර ගත්තේය.

චාල්ස් පිලිප් ආතර් ජෝර්ජ්, 1969 වර්ෂයේ ජූලි විසිවන දින වේල්සයේ 21වන කුමරු ලෙසින් පත්වන අතර ඒ වන විට ඔහු විසි වන වියේ පසුවිය.

චාල්ස් කුමරු තිස් දෙවන වියේදී එනම් 1981 වර්ෂයේදී විවාහ දිවියට ඇතුලත් වෙයි.

ඒ ලොවේම ආදරය දිනාගැනීමට සමත්වූ ඩයනා ස්පෙන්සර් සමඟයි.

චාල්ස් – ඩයනා යුවළගේ පුතුන් වන  විලියම් සහ හැරී  උපත ලබන්නේ පිළිවෙලින් 1982 හා 1984 වර්ෂවලදීයි.

කෙසේ නමුත් චාල්ස්- ඩයනා යුවළ පසුකලකදී දික්කසාද වන අතර පසුව ඩයනා කුමරිය කණගාටුදායක ලෙස රිය අනතුරකින් සිය ජීවිතයට සමුදෙයි.

ඉන් ටික කලකට පසුව එනම් 2005 වර්ෂයේදී චාල්ස් කුමරු කැමිලා පාකර් සමග විවාහ දිවියට ඇතුලත් වෙයි.

වැඩිම කලක් බ්‍රිතාන්‍ය කිරීටය දැරූ පුද්ගලයා බවටද පත්වෙමින් දෙවන එළිසබෙත් රැජින මේ වන විට කිරුළු පලඳා දශක 5 කට වැඩි කාලයක් ගතවී තිබේ.

කෙසේ නමුත් රැජිනගේ රාජකාරී කටයුතුවලින් බොහොමයක් මේ වන විට චාල්ස් කුමරුට පවරා ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙයි.

වයස්ගතම වේල්සයේ කුමරා වන චාල්ස් කුමරු මේ වර්ෂයේදී සමරන්නේ සිය 71වන ජන්ම දිනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here