Home Hit සජිත් දිනවන්න පුවත් දැමූ ටිරාන් හා දිලිත්ට වැඩ වරදී

සජිත් දිනවන්න පුවත් දැමූ ටිරාන් හා දිලිත්ට වැඩ වරදී

801

“දකුණේ සිංහලයා පරාජය කිරීමට සජිත්ට ඡන්දය දෙන්න” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී M.A. සුමන්දිරන් විසින් පැවසුවේ යැයි දැක්වෙන ප්‍රවෘත්තියක් “අරුණ”, “මව්බිම” සහ CEYLON TODAY පුවත්පත් වාර්තා කර තිබුනා.

මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ අතර, සමාජ මාධ්‍ය ජාල ඔස්සේද එම පුවත පදනම් කරගනිමින් මන්ත්‍රී සුමන්දිරන් හට මෙන්ම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැඩි විවේචනයන් එල්ල වී තිබිණි.

එසේම මෙම පුවතේ අන්තර්ගතයේද “ගෝඨාභය රාජපක්ෂ දිනවීමේ දකුණේ සිංහල ජනතාවගේ හා සිංහල නායකයන්ගේ ජයග්‍රහණය නැවැත්වීම වෙනුවෙන් දෙමළ ජනතාව එක්ව කටයුතු කළ යුතුයි” යනුවෙන් මන්ත්‍රී
සුමන්තිරන්ව උපුටා දක්වමින් ව්‍යාජ පුවතක් සඳහන්ව තිබිණි.

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතු අවසන් වීමට ආසන්නව තිබියදී වගකිවයුතු මාධ්‍ය ආයතන ලෙස දිලිත් ජයවීර මහතාට හිමි “අරුණ” පුඅවත් පත මෙන්ම ටිරාන් අලස් මහතා අයිතිය දරන “මව්බිම” සහ “CEYLON TODAY” පුවත් පත් යම් කිසි දේශපාලන පක්ෂයකට වාසි වන පරිදි සහ ජනතාව නොමඟ යවන පරිදි මෙවන් සාවධ්‍ය පුවත් පළකිරීමෙන් බරපතල මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනයක් මෙන්ම රට තුළ ගැටලුකාරී තත්වයන් ඇතිකිරීමට හේතු වන බව ETHICS EYE තම ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

"දකුණේ සිංහලයා පරාජය කිරීමට සජිත්ට ඡන්දය දෙන්න" යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් විසින් පැවසුවේයැයි දැක්වෙන…

Posted by Ethics Eye on Monday, November 11, 2019

මේ සම්බන්ධයෙන් තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා පවසා සිටින්නේ තමන් විසින් උක්ත සිරස්තලයේ දැක්වෙන ආකාරයේ ප්‍රකාශයක් හෝ අන්තර්ගතයේ උපුටා දක්වා ඇති ආකාරයේ ප්‍රකාශයක් කිසිදු තැනක සිදු නොකළ බවයි.

මෙම අසත්‍ය පුවත පළකළ පුවත්පත්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් සුමන්තිරන් මහතා ප්‍රකාශ කර සිටිනවා.

රට තුළ ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආසන්න කාලයකදී මෙවන් සාවද්‍ය පුවත් පළ කිරීම හා සාවද්‍ය කරුණු ජනගත කිරීම මෙන්ම, යම් කිසිවෙකු විසින් ප්‍රකාශ නොකළ කරුණක් ප්‍රකාශ කළා යැයි දක්වමින් එම පුද්ගලයාව උපුටා දැක්වීම බරපතල මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනයක් මෙන්ම එක් දේශපාලන කණ්ඩායමකට වාසි වන පරිදි පැහැදිලි ලෙස ජනතාව මුලා කිරීමක් බව පෙනී යනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here