Home Hit ජනතාව දුප්පත්කමින් මුදාගන්න සජිත්ගෙන් අධිවේගී වැඩසටහනක්

ජනතාව දුප්පත්කමින් මුදාගන්න සජිත්ගෙන් අධිවේගී වැඩසටහනක්

253

ජනතාව දුප්පත්කමින් මුදාගන්නට අධිවේගී වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව නව ප්‍රජාතාන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මහනුවර මහයියාව ක්‍රීඩාංගණයේ ඊයේ (12) පස්වරුවේ පැවැති ජන රැළියේදී සජිත් ප්‍රේමදාස මහතා එම අදහස් පළ කළා.

මෙහිදී දහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා,

“මම අධිවේගීව වැඩ කරන පුද්ගලයෙක්. 16 වනදා අධිවේගීව රට සංවර්ධනය කරන ජනාධිපතිවරයා හැටියට මා පත් වන කොට අනිවාර්යයෙන්ම මහනුවර අධිවේගී මාර්ගයත් අධිවේගීව සංවර්ධනය කර අවසන් කරනවා. ඒ වගේම මහනුවර වාහන තදබදය පිළිබඳ ලබාදී ඇති විසඳුම් කොරියානු ආධාරයෙන් අවසන් කරන්න පියවර ගන්නවා. ඒ වගේම නිත්තවෙල මහයියාව ප්‍රදේශයේ මහල් නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කරලා නිවාස ගැටලුව විසඳීමට අපි දැවැන්ත නිවාස යෝජනා ක්‍රමයක් ආරම්භ කිරීමට පියවර ගන්නවා.

වසර 25 ක මගේ දේශපාලන ගමන තුළ සමාජ සේවා ගමන තුළ මම ලැබූ අත්දැකීම් කේන්ද්‍ර කරගෙනයි මගේ ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කරල තියෙන්නේ. ජනතාව සමඟ ප්‍රධානතම මැතිවරණයට මුහුණ දෙන අවස්ථාවේ අපි මේ වැඩපිළිවළ ක්‍රියාත්මක කරන්න සූදානමින් ඉන්නවා. දුප්පත්කම කියන ප්‍රශ්නයේදී අපි දුප්පත්කම තුරන් කරලා මේ රටේ ජනතාව දුප්පත්කමින් මුදවන්නට දැවැන්ත අධිවේගී වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා” යනුවෙන්ද කියා සිටියේය.

මෙම ජන රැලියේදී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පූජ්‍ය දඹර අමිල හිමියන්, මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක, උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇතුළු එජාපයේ ජ්‍යෙෂ්ඨ කථිකයන් රැසක් අදහස් පළ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here