Home Hit කැළණි විහාරයට නාග ලෝකයෙන් ධාතු වඩී (VIDEO)

කැළණි විහාරයට නාග ලෝකයෙන් ධාතු වඩී (VIDEO)

1160

බුදු රජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලද කැලණිය රජ මහා විහාරයට නාග ලෝකයෙන් සර්වඥ ධාතූන් වහන්සේ 14 නමක් වැඩම කර ඇති බව කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියෝ පවසති.

ගුප්ත විද්‍යා විශාරදවරයෙකු විසින් කැලණිය ගං මිටියාවතේ පැවති විශේෂ පූජාවක් අතරතුර මෙසේ ධාතූන් වහන්සේ වැඩම කිරීම සිදුව තිබේ.

ශාසන ඉතිහාසයේ කියැවෙන පරිදි කැලණි ගං මුවදොර විසූ මනිඅක්ඛිත නා රජුගේ ආරාධනාවක් අනුව බුදුන් වහන්සේ තෙවැනි වරට ලංකාද්වීපයට වැඩම කර තිබෙනවා.

එම ආරාධනයට කෘතගුණ දැක්වීමක් ලෙස කැලණිය රාජ මහා විහාරය විසින් මනිඅක්ඛිත දිව්‍ය රාජයාණන් වෙනුවෙන් මීට සිව් වසරකට පෙර සිට මේ දක්වා බුදුන් වහන්සේ ජල ස්නානය කළ බව පැවසෙන, විහාරස්ථානයේ පිහිටා ඇති “සිවුරු ගල” නම් ස්ථානයේදී ගුප්ත විද්‍යා විශාරද උදාර මධුසංඛ මහතා විසින් නානුමුර පූජාව නමින් විශේෂ පූජාවක්ද ආරම්භ කර තිබෙනවා.

උදාර මධුසංඛ මහතා පවසන පරිදි මනිඅක්ඛිත නා රජු විසින් කරන ලද ආරාධනාවකට අනුව ඉකුත් 09වැනිදා රාත්‍රී 10ට පමණ සිවුරුගල දී විශේෂ පූජාවක් පවත්වා , තොටුපළේ සේවකයන් දෙදෙනෙක් සමග කැලණි ගඟට ගොස් තිබෙන අතර එහිදී ඔහුට නා රජු විසින් මෙම සර්වඥ ධාතූන් ලබා දුන් බවයි ඔහු පවසන්නේ.

මිට පෙර දුටුගැමුණු රජතුමන් රුවන්වැලි මහා සෑය නිර්මාණය කළ පසු රහතන් වහන්සේ නමක් නා ලොවට වැඩම කර සර්වඥ ධාතූන් වහසේලා වැඩම කරවූ බවක් ඉතිහාසයේ සඳහන් වන බවත්, කැලණිය රාජ මහා විහාරයට සර්වඥ ධාතූන් ලැබීම සහ එය අතර සම්බන්ධයක් ඇති බවටත් විහාරාධිපති හිමියන් සඳහන් කළා.

මෙම සර්වඥ ධාතූන් ලැබීමත් සමඟම 2020 වසරේදී රටට යහපත් නායකයකු ලැබී අපරට යහපත් රටක් බවට පත්වන්නට නියමිත පණිවිඩයත් මේ සමනගම ලැබුන බව වැඩිදුරටත් අදහස් දක්වමින් විහාරාධිපති හිමියන් ප්‍රකාශ කළා.

නා ලොවින් ලද බවට විශ්වාස කෙරෙන සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬුව මේ වන විට විහාරස්ථානයේ ධාතූ මන්දිරයේ සකසන ලඳ විශේෂ ආසනයක තැන්පත් කර ඇත.

එම සිද්ධිය රූපවාහිනී මාධ්‍ය ආයතනයක් මෙසේ වාර්ථා කර තිබුණා.

කැලණි පුදබිමට නාග ලෝකයෙන් වැඩි සර්වඥ ධාතූන්

කැලණි පුදබිමට නාග ලෝකයෙන් වැඩි සර්වඥ ධාතූන්

Posted by Ada Derana 24×7 on Tuesday, November 12, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here