Home Hit ගෝඨාගේ පුරවැසිභාවය පිළිබඳව අභියාචන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට

ගෝඨාගේ පුරවැසිභාවය පිළිබඳව අභියාචන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණයට

461

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් මහාචාර්ය චන්ද්‍රගුප්ත් තේනුවර මහතා සහ සිවිල් සංවිධාන එකමුතුවේ ගාමිණී වියන්ගොඩ මහතා විසින් ගොනු කළ රිට් පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය කළ නියෝගය අභියෝගයට ලක්කරමින් අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචන පෙත්සමක් ගොනු කර ඇත.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය නිසි ආකාරයට ලබා ගෙන නොමැති බව පවසමින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට පසුගිය ඔක්තෝබර් මස 04 වැනිදා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here