Home Hit යුද හමුදාවේ 243 දෙනකු මාලි බලා පිටත්ව යයි

යුද හමුදාවේ 243 දෙනකු මාලි බලා පිටත්ව යයි

192
සාමසාධක රාජකාරි සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාජිකයන් 243 දෙනකු අද (13) අලුයම කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළෙන් මාලි රාජ්‍යය බලා පිටත්ව ගියා.

විජයබා පාබළ රෙජිමේන්තුවේ මෙන්ම, වෛද්‍ය, ඉන්ජිනේරු සහ සේවා බළකායන්ට අයත් නිලධාරීන් 20 දෙනකු සහ සෙසු නිලවලට අයත් 223 දෙනකු එම පිරිසට ඇතුළත් වනවා.

එම භට පිරිසට සුබ පැතීම සඳහා යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

මේ අතර, මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරියේ නිරතව සිටින 200කට ආසන්න භට පිරිසක් හෙට දිනයේ දිවයිනට පැමිණීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here