Home Hit ජනපතිවරණයට වැඩිම වියදම පොහොට්ටුවෙන්

ජනපතිවරණයට වැඩිම වියදම පොහොට්ටුවෙන්

363


මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින දේශපාලන පක්ෂ අතරින් සිය ප්‍රචාරක කටයුතු සඳහා වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය ප්‍රචාරක කටයුතු සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 1518ක්.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සිය ප්‍රචාරක කටයුතු සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 1422ක් වන අතර, ජාතික ජනබලවේගය වැයකර ඇති මුදල රුපියල් මිලියන 160ක් බවයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා සඳහන් කළේ.

හෙතෙම මේ බව සඳහන් කළේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදීයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here