Home Hit ගෝඨාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් එ.ජා. මානව හිමිකම් කොමිසමට පෙත්සමක්

ගෝඨාගේ පුරවැසිභාවය ප්‍රශ්න කරමින් එ.ජා. මානව හිමිකම් කොමිසමට පෙත්සමක්

449

ගොඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලාංකික පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් විද්‍යුත් පෙත්සමක් (E-petition) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට යොමුකර තිබෙනවා.

ඒ, තොරතුරු දැනගැනීමේ පනතට අනුව, අද (13) වන විට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය අහෝසි කිරීමේ සහතිකය සහ අනෙකුත් ලේඛන මැතිවරණ කොමිෂන් සභා වෙබ් අඩවියට සහ අනෙකුත් මාධ්‍ය වෙත ලබාදෙන ලෙස ඉල්ලමින්.

එම පෙත්සමේ දක්වා ඇත්තේ ඇමෙරිකානු පුරවැසියකු වන රාජපක්ෂ මහතාට මෙරට ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවයි.

මෙම විද්‍යුත් පෙත්සමේ පිටපතක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ කොමසාරිස්වරයා වෙතද යොමුකර තිබෙනවා.

එසේම මානව හිමිකම් කොමිසමට සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයටද එහි පිටපත් යොමුකර තිබෙනවා.

(එම විද්‍යුත් පෙත්සම පහතින්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here