Home Hit බෞද්ධාගම සුරකින බවට සජිත්ගේ ලියැවිල්ල පාඨලී මල්වතු නාහිමියන්ට භාරදෙයි

බෞද්ධාගම සුරකින බවට සජිත්ගේ ලියැවිල්ල පාඨලී මල්වතු නාහිමියන්ට භාරදෙයි

1248

ව්‍යවස්ථාවෙන් බෞද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය එලෙසින්ම ආරක්ෂා කිරීමට කැපවෙන බවට සජිත් ප්‍රේමදාස මහතා ලබාදී ඇති ලිඛිත පොරොන්දුව ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් වෙත අද (12) පිළිගන්වනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවට සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 16 වැනි පිටුවේ සඳහන්ව ඇති බවත්, සම්බුද්ධ ශාසනයට ව්‍යවස්ථාවෙන් ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය හා ආරක්ෂාව සම්බන්ධව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 63 වැනි පිටුවේ පැහැදිලිව දක්වා තිබෙන බවත් පාඨලී චම්පික රණවක මහතා මහානායක හිමියන් හමුවේ ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය නියංගොඩ විජිතසිරි හා දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමිවරුද මේ සම්බන්ධව දැනුවත් කිරීමට පියවර ගත්තා.

බෞද්ධාගමට ප්‍රමුඛතාව දෙන බව සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙහි පැහැදිලිව දක්වා තිබියදීත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කණ්ඩායම විවිධ අසත්‍ය ප්‍රචාර ගෙනයමින් ජනතාව තුළ අනිසි බියක් ජනිත කිරීමට කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා එහිදී අවධාරණය කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here