Home Hit ‘විශේෂ ප්‍රකාශය’ බොරුවක් බව ජනපති මාධ්‍ය අංශය කියයි

‘විශේෂ ප්‍රකාශය’ බොරුවක් බව ජනපති මාධ්‍ය අංශය කියයි

450

ගතවූ වසර පහකට ආසන්න කාලය තුළ ගත් තීන්දු සම්බන්ධයෙන් මේ මස 18 වැනිදා ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකරන බවට සමාජ මාධ්‍යවල පළවන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරනවා.

ජනාධිපතිවරණයේ අවසන් දින කිහිපයේදී ජනාධිපතිවරයා සම්බන්ධ කරගනිමින් මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරණය කිරීම පිළිබඳ දැඩි සේ කනගාටුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් සමග පසුගිය දිනෙක විශේෂ සාකච්ඡාවක නිරත වූ බවත්, එම සාකච්ඡාවේදී පසුගිය පස් වසරක කාලය තුළ ගත් තීරණ කිහිපයක් පිළිබඳ ජනාධිපතිතුමා කනගාටුව පළ කළ බවත්, නොවැම්බර් 18 වනදා එම කරුණු ජනතාවට හෙළි කරන බව ජනාධිපතිවරයා පැවැසූ බවත් අදාළ ව්‍යාජ පුවත්වල සඳහන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here