Home Hit ඩිල්ෂාන්ගේ අභියෝගය මනුෂත් භාරගනී

ඩිල්ෂාන්ගේ අභියෝගය මනුෂත් භාරගනී

375

සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ වසර දෙකක් වැටුප් නොගෙන ජනතාවට සේවය කිරීම ඇතුළු කොන්දේසිවලට යටත්ව කටයුතු කිරීමට තමන් සූදානම් බව දක්වමින් දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට සූදානම් බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසනවා.

නීතිඥ ඩිල්ෂාන් පතිරත්න මහතා පසුගියදා කරුණු පහකින් සමන්විත අභියෝග මාලාවක් සජිත් ප්‍රේමදාස මහතාගේ රජයක් යටතේ ඇමැති ධුර දරන පුද්ගලයන්ට ඉදිරිපත් කර සිටියා.

එම අභියෝගය භාරගෙන, අදාළ කොන්දේසි කඩකළහොත් තමන්ට නඩු පැවරිය හැකි පරිදි දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කරන බවයි හම්බන්තොට ප්‍රදේශයේ පැවැති තරුණ හමුවකදී මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා අවධාරණය කළේ.

මීට පෙර හරීන් ප්‍රනාන්දු මහතාද එම අභියෝගය භාරගනිමින් දිවුරුම් ප්‍රකාශයක් ලබාදීමට කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here