Home Hit මහින්ද කහඳගමගෙන් උපවාසයේ නිරත හිමිනමට තර්ජනයක්

මහින්ද කහඳගමගෙන් උපවාසයේ නිරත හිමිනමට තර්ජනයක්

734

ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හළ බව තහවුරු කරන ලෙස ඉල්ලමින් පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් උපවාසයේ නිරතව සිටින නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ගිය හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා තර්ජනාත්මක ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.

ඒ, සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්.

එහි ඔහු සඳහන් කර ඇත්තේ,

“නිදහස් චතුරශ්‍රයට ගියා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මැතිතුමා සමග……
ඉහල මහාලේ හාමුදුරුවන්ගේ උපාවසය ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ පුරවැසිභාවය පෙන්නන්නලු…
පාතාලේ අයත් ආරක්ෂාවට හිටියා……
අධිකරනයට පෙන්නල වැඩක් නැතිලු… පරාජය දැක බියේ වෙව්ලමින්, කටුකමින් ඉන්න හිමිනමක්… ගිහීයෙක් නම් දනිමි කරන වැඩේ..
අනේ මෙහේම මෝඩ හිමිනමක්….”යනුවෙනි.

නිදහස් චතුරශ්‍රයට ගියා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මැතිතුමා සමග……ඉහලමහාලේ හාමුදුරුවන්ගේ…

Posted by Mahinda Kahandagama on Monday, November 11, 2019

හිමිනමගේ ආරක්ෂාවට පාතාලයට සම්බන්ධ පුද්ගලයන් සිටින බව පවසන මහින්ද කහඳගම, උන්වහන්සේ මෝඩයකු ලෙස හුවාදක්වයි.

විශේෂයෙන්ම ”ගිහියෙක් නම් දනිමි කරන වැඩේ” යනුවෙන් කහඳගම කරන සඳහනෙන් ඔහු වක්‍රාකාරයෙන් උපවාසයේ නිරත හිමිනමට තර්ජනය කර ඇති බව පෙනීයයි.

බෞද්ධාගම සහ භික්ෂුන්වහන්සේලා ආරක්ෂා කිරීමට කැපවන බව පවසමින් බලයට ඒමට වෙර දරන රාජපක්ෂවරුන්ගේ හිතවතුන් කරන මෙවැනි තර්ජනාත්මක ප්‍රකාශ තුළින් ඔවුන්ගේ සැබෑ ස්වරූපය යළිත් ඉස්මතු වෙමින් ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here