Home Hit දුම්රිය දෙකක් ගැටී බංග්ලාදේශයේ 15ක් මරුට

දුම්රිය දෙකක් ගැටී බංග්ලාදේශයේ 15ක් මරුට

270

බංග්ලාදේශයේ නැඟෙනහිර ප්‍රදේශයේදී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 15 දෙනකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ තවත් 60කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවයි.

අද අලුයම 3.00ට පමණ සිදුවී ඇති මෙම අනතුර හේතුවෙන් ඩකා නගරයෙන් පිටත්වන සියලු දුම්රිය ගමන් වාර අත්හිටුවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරන බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා අනතුර පිළිබඳ සිය කනගාටුව පළකළ අතර, විපතට පත්වූවන්ට ඉක්මනින් සහන සැලසීමට අවශ්‍ය පියවර ගන්නා බවද සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here